රජයේ කාර්යාලයක ඉහළ නිලධාරියෙක් සේවිකාවකට ම්ලේච්ඡ ලෙස පහර දෙයි! වීඩියෝව සමාජමාධ්‍යයේ…..!

November 24, 2020 at 8:47 pm | by emanisa.lk

රජයේ කාර්යාලයක ඉහළ නිලධාරියෙකු එම කාර්යාලයේ සේවය කරන සේවිකාවකට පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

කිසිවෙකුගේ දුරකතන අංකයක් ඉල්ලූ වහා සොයා නොදීම මෙම පහර දීමට හේතුව බව එහි සිදුවන කතාබස් අනුව අවබෝධ කරගත හැකි ය.

එසේ ම මෙම නිලධාරියා අදාළ සේවිකාව දිගින් දිගට ම හිංසනයට ලක් කළ බව එහි කියැවෙයි.

නිලධාරියා මෙම පහර දීම සිදුකරන විට තවත් සේවකයකු පැමිණ ඈ බේරා ගන්නා බව ද දැකගත හැකි ය.

මෙය බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ ඊයේ (23) සිදු වූ පහර දීමක් බව ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස