රජයට වී නොදෙන කිසිවෙකුට ඊළඟ කන්නේ නොමිලේ පොහොර නෑ…! – කෘෂිකර්ම ඇමැති…

February 22, 2021 at 6:41 pm | by emanisa.lk

රජය වී මිල දී ගන්නේ හෙක්යොර් එකකට වඩා වගා කළ ගොවීන්ගෙන් පමණක් බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ලංකාවේ වී ගොවීන් සිටින්නේ 10 41 923ක් බවත් ඒ අතරින් හෙක්ටෙයාර් එකට වඩා වී වගා කරන පිරිස 2 66 291ක් පමණක් බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

ඒ අනුව රටේ ගොවි ජනතාවගෙන් 73%කට පොහොර සහනාධාරය රක්ෂණ ඇතුළු රජය ලබා දෙන සියල්ල ඉදිරියටත් නොමිලේ ලැබෙන බව ඔහු පෙන්වා දෙයි.

ඉතිරි 27%ට රජයට වී කිලෝ දහස බැගින් ලබා දෙන ලෙස දැනුම් දී ඇත්තේ සහල් සංචිතයක් පවත්වා ගෙන යාමට බවත් ඒ පිළිබඳ මේ රටේ වී මාෆියාව භීතියට පත්ව ඇති බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

මෙම කණ්ඩායම වී කිලෝව රු. 54 බැගින් අස්වැන්නෙන් 75-80%ක් මිලයට ගෙන තවත් 5%ක් පමණ රු. 65 ගණනේ මිලයට ගෙන නිෂ්පාදන වියදම් අධික යැයි සඳහන් කර හාල් කිලෝව රු. 125 බැගින් විකුණා බිලියන ගණන් ලාභ ලැබීමට සූදානමින් සිටින බව ද හෙතෙම අනාවරණය කළේ ය.

මේ වන විටත් ගොවීන් රජයට වී කිලෝ ලක්ෂ 20ක් ලබා දී ඇති බවත් රජයට වී ලබා නොදෙන පිරිසට ඊළඟ කන්නයේ දී පොහොර රු. 4000 බැගින් ලබා ගැනීමටත් රක්ෂණය සඳහා මුදල් ගෙවීමටත් සිදුවනු ඇතැයි ඔහු අවධාරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස