රංජන් නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් සටන් කර සිරගත වූ නායකයෙක්…! – මුජිබර්…

November 7, 2021 at 7:50 am | by emanisa.lk

රංජන් රාමනායක මේ රටේ නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් සටන් කළ නායකයෙක් බව මුජිබර් රහුමාන් පවසයි.

මේ වන විට අනපේක්ෂිත ලෙස සිරගතව සිටින එතුමා නිදහස් කිරීමට හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බව ද හෙතෙම පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ වන විට ඇතැම් පිරිස් නිදහස් කළ ද රංජන් රාමනායක නිදහස් කර නොමැති බව ද ඔහු කිිසිදු අපරාධයක් කර නොමැති බව ද මුජිබර් රහුමාන් අවධාරණය කරයි.

රංජන් රාමනායක සොරෙකු ස්ත්‍රී දූෂකයෙකු නොවන නිසා ඉක්මනින් ජනාධිපති සමාව ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

මුජිබර් රහුමාන් මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (06) අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් රංජන් රාමනායක හමු වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *