රංජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම ඉවරයි..! – නලීන්…

June 3, 2022 at 4:43 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රංජන් රාමනායකට නිදහස නොදෙන්නේ රාජපක්ෂ පවුල තුළ රංජන්ට ඇති බිය නිසා යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

තව මාස හයකින් රංජන්ට නිදහස ලැබුණ ද ජනාධිපති සමාවක් නොලැබුණු හොත් ඔහු සමාජයට එන්නේ ප්‍රජා අයිතිය අහෝසි වූ පුද්ගලයකු ලෙස බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

නලීන් බණ්ඩාර අවධාරණය කරන්නේ, රංජන් රාමනායක වෙනුවන් ජනතාව නැඟී සිටීමට පෙර වහාම ඔහු නිදහස් කළ යුතු බවයි.

රංජන්ට නිදහස ලැබුණොත් හරීන් ප්‍රනාන්දු සිය මන්ත්‍රී ධූරය රංජන්ට දෙන බව ප්‍රකාශ කළ බවත් ඒ අනුව හරීන්ට මන්ත්‍රී ධූරය පමණක් නොව ඇමැතිකම ද අහිමි වන බවයි, නලීන් බණ්ඩාර සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *