රංජන් නිදහස් කරගන්න කලාකරුවෝ සේනාධිපති පිහිට පතති…!

January 30, 2022 at 9:16 am | by emanisa.lk

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 4ක සිරදඬුවමකට යටත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා කලාකරුවන් සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අතර පසුගියදා විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

එහි දී කලාකරුවන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් ඉල්ලා සිටියේ රන්ජන් රාමනායකට ජනාධිපති සමාවක් ලබා ගැනීමේ කටයුත්ත සඳහා අතරමැදියෙකු ලෙස ඉදිරිපත් වන ලෙසය.

රංගන ශිල්පී රන්ජන් රාමනායකට ජනාධිපති සමාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් කලාකරුවන් 300කට වැඩි පිරිසක් විසින් අත්සන් කරන ලද පෙත්සමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දීමට නිශ්ශංක සේනාධිපති වෙත භාරදීම මෙහි දී සිදු කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *