රංජන් කොන්දේසි සහිතව ජනාධිපති සමාව…! මින් පසු අධිකරණයට අපහාස කතා බෑ….!

August 26, 2022 at 12:30 pm | by emanisa.lk

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) උදෑසන අත්සන් තබා තිබේ.

මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන බවට වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

රන්ජන් රාමනායකට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමට අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට බලය පවරා ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *