තවත් නම් ඉවසන්න බෑ… ! ජනපති සමග කතා කර මා මුදාගන්න…! – රංජන් සජිත් හමුවේ වැඳ වැටේ…

April 21, 2021 at 12:16 pm | by emanisa.lk

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ සාකච්ඡා කරන්නැයි රංජන් රාමනායක විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම ඉටු කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කරමින් ජනාධිපති සමග ඒ ගැන සාකච්චා කරන ලද බව ද සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල සඳහන් කරයි.

මෙම ක‍්‍රියාමාර්ගය ගැනීම සඳහා සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සියලුදෙනා එකග වූ බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇති බවත් ඒ සඳහා රංජන් රාමනායකගේ නීතිඥයන් කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

පසුගියදා විපක්ෂනායකවරයා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේ තමාව සිර දඬුවමින් මුදා ගැනීමට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්නයි රංජන් රාමනායක ඉල්ලා සිටි බවද මන්ත්‍රීවරයා පැවසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *