තංගල්ල අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාගේ පාවිච්චිය සඳහා වෙනම රූපවාහිනී යන්ත්‍රයක් ලබාදුන් බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.
රංජන් රාමනායක රූපවාහිනී යන්ත්‍රයක් මෙසේ ලබා දුන්නේ ඒ සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ඉල්ලීමක් සලකා සලකා බැලීමෙන් පසුව යැයි ද රාජ්‍ය ඇමතිවරයා කීවේ ය.
මෙයට අමතරව රන්ජන් රාමනායකගේ පාවිච්චිය සඳහා වෙන ම විදුලි පංකාවක්,මෙට්ටයක් හා වැසිකිළි කැසිකිළි පහසුකම්ද ලබා දී ඇති බව කී ඇමැතිවරයා ඔහු මන්ත්‍රී ධූරය දැරූ කාලයේ දී පාවිච්චි කළ මාදිවෙල මන්ත්‍රී නිළ නිවාසය තවත් මාස හයක කාලයකට පාවිච්චිය සඳහා ලබාදුන් බව ද සඳහන් කළේය.
තමාගේ බඩු භාණ්ඩ තබාගැනීමට එම නිවස යම් කාලයකට ලබාදෙන්නැයි රංජන් රාමනායක සිය ලේකම්වරයා මාර්ගයෙන් පසුගියදා ඉල්ලීමක් කළ බවත් තමා ඒ අනුව කතානායකවරයා සමග සාකච්ඡා කර එම ඉල්ලීම ඉටු කර දීමට කටයුතු කළ බවත් ඔහු පැවසුවේ ය.