රංජන්ට ජනාධිපති සමාව ඉල්ලා සජිත් ජිනීවා යයි…!

February 27, 2022 at 4:08 pm | by emanisa.lk

සිරදඬුවම් විඳින රන්ජන් රාමනායක නිදහස් කර ගැනීම වෙනුවෙන් විශේෂ ලිපියක් භාරදීමට විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෙට (28) ජිනීවා බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සමුළුවේදී ලබන 03 වැනිදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය අතරතුර අදාළ ලිපිය භාරදීමට නියමිතය.

අධිකරණයට අපහාස කිරීමේ වරදට රංජන් රාමනායකට ලෝක නීතිය අනුව සමාවක් ලබා ගැනීමේ අරමුණින් අදාළ ලිපිය භාරදෙන බව වාර්තා වෙයි.

රංජන් රාමනායක මහතාට අධිකරණයට අපහාස කිරීමේ වරදට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් වසර 04ක් සිරදඬුවමක් පසුගිය 2021 වසරේ ජනවාරි 12 වැනිදා ලබා දෙන ලදි.

ඔහුට සමාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් විවිධ පාර්ශ්ව ඉල්ලා සිටි අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අවස්ථා කිහිපයකදීම ජනාධිපති සමාව ලබා දෙන ලෙස ලිඛිත ඉල්ලීම් පවා කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *