එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ඊයේ (26) ඇප ලැබිණි. දින 44ක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබීමෙන් පසු මන්ත්‍රීවරයා මාදිවෙල සිය මන්ත්‍රී නිළ නිවාසය වෙත ආපසු ගොස් ඇත.
එහිදී ඇප මත නිදහස ලැබීමේ ප්‍රීතිය සමරමින් සිය සමීපතයන් කිහිප දෙනෙකු සමග සාදයක්ද පවත්වා තිබේ.
එම සාදය අතරතුරදී වීඩියෝවක් සමාජජාලාවල මුදාහැර ඇති අතර එහි ඔහු සඳහන් කරන්නේ තමන් වැලිකඩ බන්ධනාගාරයේ දී විඳින ලද කටුක අත්දැකීම් පිළිබඳවය.
සිරකරුවන් ද මනුෂ්‍යයන් යැයි මැගසින් බන්ධනාගාර බිත්තියේ ලියා තිබුණ ද ඔවුන්ගේ ජීවිත අන්ත දුක්ඛිත බව ඔහු සඳහන් කළේය.
සිකරුවන්ටත් වඩා එහි සේවය කරන ජේලර්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ජීවිත දුඃඛිත බවත් දුම්රිය රියදුරෙකුට දෙලක්ෂ විසි දහසක වැටුපක් ලැබෙන රටේ බන්ධනාගාර නිලධාරියකුගේව වැටුප රු. 31 000ක් බවත් සඳහන් කළේය.