යූඇන්පිය එක්ක හැප්පිලා මොනරගල දිනෙව්වේ මම! මහින්ද දිනවන්න මම මිස කිසිවෙක් හිටියේ නෑ! – හූ හඬින් කම්පිත ජගත් හඬා වැටෙයි..

July 26, 2020 at 9:58 pm | by emanisa.lk

අද පැවති ජනහමුවක් අතරතුර මොනරාගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු අපේක්ෂක ජගත් පුෂ්පකුමාර හඬා වැටුණේය.

එදා වැඩි ඡන්ද 3000කින් ජයගත් මොනරගාල ආසනය යූඇන්පිය සමග හැප්පි හැප්පී දේශපාලනය කරමින් වැඩි ඡන්ද 55 000කින් ජයග්‍රහණය කරවීමට කටයුතු කළේ තමා බව ඔහු එහිදී කියා සිටියේය.

එදා මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවීමට තමා මිස කිසිවකු මොනරාගල නොසිටි බව ද ඔහු හැඬු කඳුලින් සිහිපත් කළේය.

පොදුජන පෙරමුණු වේදිකාවේ දී ඔහුට දැඩි විරෝධතා සහ ජනතාවගේ හූ හඬට මුහුණ දීමට සිදුවීම නිසා ජගත් පුෂ්පකුමාර මේ ආකාරයට සංවේදී වූයේය. ඔහුට මෙවැනි විරෝධයක් එල්ල වන්නේ පසුගිය යහපාලන රජයට සහයෝගය ලබා දීම නිසාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *