යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කිරීම වැරදියි…! එතකොට ජාත්‍යන්තරේ හුදෙකලා වෙනවා…! – මුජිබර් රහුමාන්…

February 6, 2021 at 5:52 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුවේ දේශපාලන පරිණතභාවයක් නොමැති වීම, විදේශ ප්‍රතිපත්ති පිළිබඳ උපායශීලීත්වයක් නොමැති වීම නිසා රට නැවත ජාත්‍යන්තරය ඉදිරියෙහි හුදෙකලා වෙමින් ඇතැයි මුජිබර් රහුමාන් පවසයි.

මේ වන විට ජගත් මානව හිමිකම් සංවිධාන නොයෙක් ආකාරයේ චෝදනා රටට එල්ල කරමින් ඇති බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සමගි ජනබලවේග මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් 2015ට පෙර වූයේ ද එය බවත් ඔහු සඳහන් කරයි.

ඒ නිසා 2015 වන විට GSP+ සහනය, යුරෝපා මත්ස්‍ය අපනයන සහනය අහිමි වූ බව ද රහුමාන් වැඩි දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *