යුගදනවි ගිවිසුම අනුර අතට ගියහැටි ආණ්ඩුව සොයා ගනී…!

December 11, 2021 at 4:55 am | by emanisa.lk

මතභේදාත්මක කෙරවලපිටිය යුගදනවි ගිවිසුම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ලැබුණේ කෙසේදැයි ආණ්ඩුව දන්නා බව ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අනුර කුමාර ගිවිසුම සභාගත කරත් ඊට පෙර රජය එම ගිවිසුම අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවය.

“නිව් ෆෝට්‍රස් සමාගම සම්බන්ධයෙන් ගිවිසුම සභාගත කරා. නමුත් අපි රජය විදිහට ඒක අධිකරණයට ඉදිරිපත් කරලා අවසන්. ඔබතුමාට ගිවිසුම ලැබුණේ කොහොමද කියලත් අපි දන්නවා. ඒ නිසා මෙතන හංගන්න දේවල් නෑ. අපිට හංග හංග ගහන්න ඕනේ නෑ. අපි විවෘතයි. මතු කරපු හැම කාරණාවකටම රජය උත්තර දීලා තියෙනවා.”

මතභේදාත්මක කෙරවලපිටිය යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක විශේෂ හෙළිදරව්වක් ඊයේ පාර්ලිමේන්තුවේ දී සිදුකළේය.

අදාළ ගිවිසුම සභාගත කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ, එම ගිවිසුම අත්සන් කර ඇත්තේ, අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම සමග නොව ලංකාවේ වෙනත් සමාගමක් සමග බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *