යුගදනවි ගිවිසුමට ආණ්ඩුවේ තවත් ඇමැතිවරයෙක් එරෙහි වෙයි…!

September 25, 2021 at 9:55 pm | by emanisa.lk

කෙරවළපිටිය LNG බලාගාරයේ ඉතාමත් කඩිනමින් සංවර්ධනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි.

එම ව්‍යාපෘතිය කවර සමාගමට ලබා දුන්න ද රටේ බලශක්තිය හැසිරවීමේ බලය එම සමාගම්වලට ලබා දීමට තමා එකඟ නැති බව ඇමැතිවරයා අවධාරණය කරයි.

යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40%ක් ඇමරිකානු සමාගමකට ලබා දීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

ආණ්ඩුවේ සුළු පක්ෂ 10ක් ද මේ වන විට අදාළ ගිවිසුමට සිය විරෝධය ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *