කෙරවළපිටිය LNG බලාගාරයේ ඉතාමත් කඩිනමින් සංවර්ධනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි.
එම ව්‍යාපෘතිය කවර සමාගමට ලබා දුන්න ද රටේ බලශක්තිය හැසිරවීමේ බලය එම සමාගම්වලට ලබා දීමට තමා එකඟ නැති බව ඇමැතිවරයා අවධාරණය කරයි.
යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40%ක් ඇමරිකානු සමාගමකට ලබා දීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
ආණ්ඩුවේ සුළු පක්ෂ 10ක් ද මේ වන විට අදාළ ගිවිසුමට සිය විරෝධය ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට දැනුම් දී ඇත.