මහා වංචා දූෂණ කළ දූෂණ විරෝධී කමිටුවේ සභාපති මම කියලා මං දන්නෙත් නෑ! – මංගල

September 12, 2020 at 9:13 am | by emanisa.lk

යහපාලන ආණ්ඩුව විසින් පිහිටුවනු ලැබූ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය පවත්වා ගෙන යාමට 2015 පෙබරවාරි සිට 2017 ජුනි මාසය දක්වා කාලය තුළ රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය වී ඇති බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (11) අනාවරණ විය.

කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මංගල සමරවීර ප්‍රකාශ කළේ යහපාලන රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික විධායක සභාව පිළිබඳව මේ මොහොත වනතෙක් ම තමා කිසිවක් දැන නොසිටි බවය.

තවද ජාතික විධායක සභාව යටතේ පැවැති අනු කමිටුවක සභාපතිවරයා වශයෙන් මංගල සමරවිර පත්කර ඇති බව අදාළ ලේඛන වල සඳහන් වුවද එය ද තමන් දැන නොසිටි බව ඔහු කොමිසම හමුවේ අවධාරණය කළේය.  

“දූෂණ හොයන්න ගිය තැනම තමයි ලොකුම දූෂණය වෙලා තියෙන්නේ, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහයි ,මංගල සමරවීරයි මේ ගැන ඇහුවාම මෙහෙම කමිටුවක් ගැන දන්නෙවත් නෑ කියලා කිව්වා. ඒ නිසා මේ මහා බොරුව හෙළිදරව් කිරීම වැදගත් නිසා මේක මාධ්‍යයට ලබා දෙන්න” යැයි කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස