ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනුයේ පසුගිය කාලයේ තමන් දැඩි ලෙස විවේචනය කළ පිරිස බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රටේ යහපත වෙනුවෙන් පොදුජන පෙරමුණු බහුතර මන්ත්‍රීවරුන් පැරණි එදිරිවාදිකම් අමතක කළ බවයි.
සමගි ජන බලවේගයේ සිටින්නේ තමන් සමග බොහෝ කාලයක් දේශපාලනය කළ තමන් දේශපාලනයට හඳුන්වා දුන් අය බව කී ජනාධිපතිවරයා රට වෙනුවෙන් පොදුජන පෙරමුණ තමන් සමග එකතු වූයේ නම් සමගි ජන බලවේගයට එසේ කළ නොහැක්කේ මන්දැයි ප්‍රශ්න කරයි.
ජනතා විමුක්ති පෙරමුණ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ තමන් සමග ඉතාම සමීපව කටයුතු කළ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එවක පිහිට වූ දූෂණ විරෝධී කාර්යාලයේ ලිපිගොනු පවා තවමත් ඇත්තේ ඔවුන් සතුව බව ද කීය. එම පිරිසට ද මේ අවස්ථාවේ රට වෙනුවෙන් තමන් සමග එකතු වන්නට බැරි මන්දැයි හෙතෙම වැඩි දුරටත් විමසයි.
අද (07) 9 වන පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව කීය.ෙ