යහපාලන ආණ්ඩුව 7000කට විදුලි බල මණ්ඩලේ රස්සා දුන්නා…! – කාංචන….

August 29, 2022 at 5:05 pm | by emanisa.lk

2005-2014 මහින්ද රාජපක්ෂ දස වසරක පාලන සමයේ විදුලි බල මණ්ඩලයට බඳවා ගෙන ඇති සේවක සංඛ්‍යාව 798ක් බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

අද (29) පාර්ලිමේන්තුව අමතමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

2005 වන විට විදුලි බල මණ්ඩල සේවක සංඛ්‍යා 14568ක් බවත් 2010 අවසන් වන විට 15366ක් වූ අතර 2014 අවසන් වන විට 15984ක් වූ බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

එහෙත් 2019 වසර අවසන් වන විට විදුලි බල මණ්ඩල සේවක සංඛ්‍යාව 22000 දක්වා ඉහළ ගිය බවයි, ඇමැති කාංචන විජේසේකර ප්‍රකාශ කළේ.

2014 මහින්ද රාජපක්ෂ නොරෙච්චෝලේ බලාගාරය තනා රටේ විදුලි බිල 25%කින් අඩු කළ බවත් එවැනි පසුබිමක 2015 වසරේ ලංවීම රු. බිලියන 19කට අධික ලාභයක් ලැබූ බවත් අනතුරුව දිගින් දිගට ම ලංවීම පාඩු ලැබූ බවත් කාංචන විජේසේකර පෙන්වා දුන්නේය.

එහි දී නැඟී සිටි කබීර් හෂීම් ප්‍රකාශ කළේ, එය යහපාලන ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වය විසින් කළ නිසා තමන්ගේ වගකීමක් නොමැති බවයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *