යහපාලන අගාධයෙන් රට ගොඩගන්න අපට 2/3ක බලයක් දෙන්න! – අගමැති මහින්ද

July 4, 2020 at 1:09 pm | by emanisa.lk

උතුරේ ඡන්ද නොමැතිව ජනාධිපතිවරයකු පත්කළ නොහැක යන මිත්‍යාව පරාජය කළ හැකි වූයේ දකුණේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙරෙහි තැබූ ඉමහත් විශ්වාසය නිසා යැයි අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

බද්දේගම ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ (02) පැවති ජනහමුවක් අමතමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.

“උතුරු නැඟෙනහිර ඡන්ද නොමැතිව ජනාධිපතිවරයෙක් පත්කර ගත් නිසා අද කිසිවෙකුට ඡන්දය පෙන්වා දේශපාලන කප්පම් ඉල්ලා සිටීමේ හැකියාවක් නැහැ.

වසර පහක් ඇතුළත රට දැඩි අගාධයකට ඇද දැමූ අයගෙන් රට බේරා ගැනීමටත් රට නැවත නිවැරදි මාවතට රැගෙන ඒමටත් ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුයි. ඒ සඳහා 2/3 ජනවරමක් අවශ්‍ය වෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඔහු සමග කටයුුතු කළ හැකි කණඩායමක් අවශ්‍යයයි. වේගයෙන් සංවර්ධනය වෙමින් තිබුණ රට යහපාලන සමයේ ඇද වැටුණේ ජනපති-අගමැති දෙපැත්තක් නියෝජනය කළ නිසායි. යහපාලන ජනපති-අගමැති කුළල් කා ගැනීමෙන් බැට කෑවේ මේ රටේ ජනතාවයි. යහපාලන ආණ්ඩුවට අවුරුදු පහක් තිස්සේ බෝක්කුවක් පවා හදාගන්න බැරි වුණේ ඒ නිසායි.

පොදුජන පෙරමුණ මගින් මෙවර මැතිවරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ ගම රට සහ ලොව පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති පිරිසක්. අමරසිරි දොඩංගොඩ රිචඩ් පතිරණ වගේ චරිත අපට අහිමි වීම විශාල පාඩුවක්. ඒ අඩුව පිරිමසාලන්න අද ඉසුරු දොඩංගොඩ, රමේෂ් පතිරණ, සමිත හාමුදුරුවෝ ඉන්නවා. මෙවර මැතිවරණයෙන් සමස්ත ශ්‍රී ලංකාව වගේම ගාලු දිස්ත්‍රික්කයත් විශිෂ්ට විදිහට අපි ජය ගන්නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස