යල කන්නෙට දේශීය කාබනික පොහොර…! පොහොර සමාගම් දෙක වැඩ අරඹයි..!

January 11, 2022 at 12:33 pm | by emanisa.lk

ඉදිරි යල කන්නයේ දී ගොවීන්ට ලබා දීම සඳහා දේශීය නිෂ්පාදිත පරිසර හිතකාමී කාබනික පොහොර රජයේ පොහොර සමාගම් දෙක මගින් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විසින් වී වගාව සඳහා සකස් කරනු ලබන පරිසර හිතකාමී පොහොර නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම පොහොර මිල දී ගැනීමට නියමිත ය.

පොහොර සහනාධාර වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිතයට ගෙන මෙම මිල දී ගැනීම් කිරීමටත් අනුමැතිය හිමිව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *