මෝඩ යකා මෙහෙම ගැහුවා නම් උගත් යක්කු කොහොම ගහනවා ඇද්ද..? – රංගේ…

January 26, 2022 at 3:07 pm | by emanisa.lk

“මෝඩ යකා” කෝටි තුනහමාරකට වැඩේ දුන්නා නම් “උගත් යක්කු” ජනතා මුදල් කෝටි කීයකට වැඩේ දෙන්නට ඇද්දැයි සිතාගන්නට හැකි බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය හමුවක දී පැවසීය.

වෙනත් රස්සාවකුත් නැති හිටපු ජනාධිපතිවරයා මේ සා මුදලක් බැංකුවේ දමා ගෙන ජීවත් වුණේ කෙසේ දැයි සෙවිය යුතු බව ද රංගේ බණ්ඩාර කීය.

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංග බණ්ඩාර කීවෙි මෝඩ යක්කුත් උගත් යක්කුත් දෙගොල්ලොම ජනතා මුදල් සූරා කා තිබෙන බව පැහැදිලිවම ඔප්පු වෙන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *