මගේ මුදල් සොරකම් කළ පුද්ගලයා විනාශ කළේ සිය පියාගේ කීර්ති නාමයයි…!

January 26, 2022 at 8:23 am | by emanisa.lk

තම බැංකු ගිණුමේ තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදල් ප‍්‍රමාණයක් වංචා කළ තමාගේ පෞද්ගලික සහායකයා කර ඇත්තේ සමාව ලබාදිය නොහැකි බරපතළ වංචාවක් යැයි ද එවැනි අය සමාජයටම පවා පිළිලයක් බව ද එම ගිණුම හිමි රජයේ ප‍්‍රබල දේශපාලනඥයා පවසයි.

තමාගේ බැංකු ගිණුමෙන් වංචනිකව මුදල් ලබාගත් පළමු පුද්ගලයා මොහු නොවන බවත් මීට පෙර අවස්ථාවක දී තවත් පුද්ගලයකු මෙලෙස ම මුදල් වංචා කළ බවත් ඔහු සඳහන් කළේය.

“මොහු මගේ විශ්වාසය දිනාගෙන හිටපු කෙනෙක්. සමීපව ඇසුරු කරමින් මගේ පෞද්ගලික සහායකයෙක් ලෙස කටයුතු කළා. මේ වගේ අය විශ්වාසයට ගතයුතු නෑ. මේ වගේ අයට ඕනෑ ම පාවාදීමක් කළ හැකියි. ඕනෑම අපරාධයක් කළ හැකියි. මේ වගේ වංචා දූෂණ අක‍්‍රමිකතා සිදු කරන අයට සමාව දිය යුතු නෑ. මේ වංචාවට සම්බන්ධ පුද්ගලයා ඔහුගේ පියාගේ කීර්ති නාමයත් නැති කළා. මුදල්වලට ආත්මයම පාවා දෙන මේ වගේ පුද්ගලයන් මුළු සමාජයටම පිළිලයක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *