මෛත්‍රී 40ක් සමග විපක්ෂයට..! සජිත්ට විපක්ෂ නායකකමත් අහිමි වෙයි ද?

April 19, 2022 at 12:07 pm | by emanisa.lk

හතළිහක් පැමිණ විපක්ෂයේ වාඩි වූයේ විපක්ෂ නායක තුමාගේ කණ්ඩායමක් ලෙස නොවන බවත් විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස තම පිරිස වැඩ කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද (19) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව පැවසීය.

“දිනෙන් දින ජනතාව කෝපයට පත්වී තිබෙන ප්‍රමාණය වැඩිවෙනවා. තරුණයන්ගෙ සටනට අප සුබ පතනවා. ඒ සටන සාධාරණ බව අප කියනවා.

ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ පාර්ලිමේන්තුවේයි. ඊට සුදුසු වැඩපිළිවෙළකට අප යා යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප විසිවන සංශෝධනය අහෝසි කළ යුතු බවත් සංශෝධන සහිතව දහනව වන සංශෝධනය බලාත්මක කළ යුතු බවත් කියනවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස