මෛත්‍රී – රතන හිමි ග්ලයිෆොසේට් තහනම ඉවතට..!

November 20, 2022 at 4:27 pm | by emanisa.lk

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.

මෙම තහනම වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලු වගාවන්හි වල් මර්දනය සඳහා විශාල බලපෑමක් එල්ල කළේය.

මීට අදාලව ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට බාර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ පවසයි.

2015 වසරේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ග්ලයිෆොසේට් තහනම් කෙරිණි. අතුරලියේ රතන හිමි ඊට මූලික වී කටයුතු කළේය. ඒ අනුව එම තහනම නැවත ඉවත් කරන්නේ වසර 07කට පසුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *