හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග හෝ ඔහු නායකත්වය දෙන පක්‍ෂයක් සමග හෝ ඉදිරි මැතිවරණවල දී කිසි ලෙසකින්වත් සන්ධානගත නොවිය යුතු යැයි සමගි ජනබලවේගය තීන්දු කොට ඇත.
මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන ප්‍රතිපත්ති සහ ඔහුගේ භාවිතාව සලකා බලා සජබය මෙම තීරණය ගෙන තිබේ.
ඊට අමතරව මෛත්‍රිපාල සිරිසේනට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාද ඉතා බරපතළ බැවින් ඔහු සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් නොකළ යුතු බව ද සජබයේ මතය වී ඇතැයි දැන ගන්නට ඇත.