මෛත්‍රීට අකුළං යන්න වෙයි ද…? පැජට් පාරේ නිවසට අධිකරණයෙන් වාරණයක්…!

March 29, 2022 at 3:59 pm | by emanisa.lk

කොළඹ පැජට් පාරේ නිවෙසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් අද (29) නිකුත් කෙළේය.

එම අතුරු තහනම් නියෝගය අද සිට සති හතරක් ක්‍රියාත්මක බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

ප්‍රීතිපද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලීය.

පසුගිය ආණ්ඩුව මගින් හිටපු ජනාධිපතිවරයාට මෙම නිවස දිගට ම භුක්ති විඳීම සඳහා අදාළ කැබිනට් අනුමැතිය ලබා දීමට කටයුතු කර තිබිණි.

එම නිවස හිටපු ජනාධිපතිවරයාට පැවරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙම නඩුව පවරා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *