මෛත්‍රීගෙන් බැබළ‍ෙන ශ්‍රීලනිපය බිඳ දමන්න හදනවා…! – තිලංග සුමතිපාල…

April 16, 2024 at 7:52 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් රට පුරා ප්‍රබල නියෝජනයක් සහ ආකර්ශනයක් සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳ දැමීමට කටයුතු කරමින් ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල චෝදනා කරයි.

රනිල් වික්‍රමසිංහ සමග කටයුතු කිරීමට අවශ්‍ය අයට පක්ෂය අතහැර යෑමට කිසිදු බාධාවක් නැති බව ද හෙතෙම සඳහන් කරයි.

රංජිත් සියඹලාපිටිය, චාමර සම්පත් අමරසූරිය වැනි අයට පක්ෂය අතහැර ජනාධිපතිවරයා සමග ගමනක් යාමට ගත් තීන්දුවේ සිට කටයුතු කිරීමට කොන්දක් තිබුණු බව ද ඔහු පෙන්වා දුන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් තිලංග සුමතිපාල මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *