මේ රටේ ප්‍රතිපත්තියක් ඇති එක ම දේශපාලන පක්ෂය පොහොට්ටුව…! – නාමල් රාජපක්ෂ…

March 29, 2024 at 10:37 am | by emanisa.lk

මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් ඇති එක ම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව එම පක්ෂයේ අභිනව ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ සිට රටට විදේශ ආයෝජන කැඳවීම දක්වා වැඩපිළිවෙළක් තමන් සතුව බවයි, ඔහු ප්‍රකාශ ‍කළේ.

කෙටි කාලයක් තුළ සියලු ම මැතිවරණ ජයග්‍රහණය කළ දේශපාලන පක්ෂය වන පොදුජන පෙරමුණ සිය පාක්ෂිකයින් රැක ගෙන ඉදිරියටත් ශක්තිමත් ලෙස කටයුතු කරන බව නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *