ගෝඨාභයට ලංකාවට එන්න පහසුකම් සලසන්න…! – පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලයි..

August 18, 2022 at 11:03 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි දිවයිනට පැමිණිම සදහා අවකාශ සලසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක දී මෙම ඉල්ලීම කර තිබේ.

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව පැවැත්විණි.

මෙහිදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා ඇත්තේ පවතින ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩ නැගීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබා දෙන බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සදහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බව ද බැසිල් රාජපක්ෂ එහි දී සඳහන් කර ඇත.

එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ඇතුළු රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම බව ද බැසිල් රාජපක්ෂ සදහන් කර තිබේ.

මෙම සාකච්ඡාවට පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූහ.

ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සාගල රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජයවර්ධන හා ශමල් සෙනරත් සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *