මේ රටේ තියෙන එක ම ප්‍රශ්නය නැඟෙනහිර ජැටිය නෙමෙයි….! – රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා…

January 23, 2021 at 1:34 pm | by emanisa.lk

තවමත් මේ රටේ පවතින එක ම ප්‍රශ්නය නැඟෙනහිර පර්යන්තය නොවන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

නැඟෙනහිර පර්යන්තය දියුණු කිරීම පිළිබඳ ක්‍රමවේදයක් සැකසීම සඳහා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් පැමිණ ඇති බව සඳහන් කළ ඇමැතිවරයා ඒ සඳහා මෙතෙක් කමිටුවක් පත්කර නැති බවත් අවසාන නිර්දේශයක් ගෙන නොමැති බවත් අනාවරණය කළේ ය.

රට හමුවේ ප්‍රශ්නයක් මතු වූ අවස්ථාවල පෙරට එන භික්ෂූන් වහන්සේ ලා තමන්ගේ අදහස් දැක්වීමේ වරදක් නොමැති බව ප්‍රකාශ කළ ආචාර්ය ගොඩහේවා නැඟෙනහිර ජැටිය පිළිබඳ අවසන් නිගමනයකට පැමිණ නැති බවත් එවැනි පසුබිමක අවසාන නිගමනයක් පිළිබඳ කතා කිරීම වැරදි බවත් ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *