තමාට අයත් නැති සත පහක් තමා ලබා ගෙන නොමැති බව හිටපු මහින්ද රාජපක්ෂ තමා සමග ප්රකාශ කළ බව පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.
1970 සිට මේ රට මේ රටට වැඩ කළත් අද රටේ ජනතාවගෙන් හොරා යන නාමය අසා ජීවත් වීමට සිදුව ඇති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළ බව ඔහු සඳහන් කරයි.
එම අභූත චෝදනා ගැන පරීක්ෂණ පවත්වා ඔහුගේ නාමය පිරිසිදු කිරීමට ඉක්මනින් කටයුතු කරන බව තමා පැවසූ විට “මං එතකොට ජීවත් වෙයි” දැයි හිටපු ජනාධිපතිවරයා ප්රශ්න කළ බවයි, සාගර කාරියවසම් කඳුළු පිරි දෙනෙතින් යුතුව සඳහන් කළේ.
දේශපාලන බලය ලබා ගැනීම සඳහා කිසිදු වරදක් නොකළ යුද්ධය අවසන් කොට මිනී කඳු ගොඩගැසීම අවසන් කළ මිනිසෙකුගේ චරිතය ඝාතනය කිරීම තරම් පව්කාර වැඩක් තවත් නැතැයි ද පොදුජන පෙරමුණු මහ ලේකම්වරයා ප්රකාශ කරයි.
කළුතර ප්රදේශයේ පැවැති පොදුජන පෙරමුණු ජනහමුවක් අමතමින් සාගර කාරියවසම් මේ බව කීය.