මේ ජයග්‍රහණය මුළු ලංකාවට ම අයිතියි…! අපි එකමුතුව සියලු අභියෝග ජය ගත්තා..! – භානුක රාජපක්ෂ…

September 13, 2022 at 9:01 am | by emanisa.lk

තම කණ්ඩායමට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු සහයෝගයට හදවතින් ම ස්තූති කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ පවසයි.

ආසියනු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අද (13) උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

කණ්ඩායමේ සියලු දෙනා තරගාවලියේ දී දක්ෂතා දැක්වූ බවත් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් විශාල අභියෝගයන්ට මුහුණදුන් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ක්‍රීඩකයින් සියලුදෙනා හොඳ මානසිකත්වයෙන් සිටින බවත් එය ඉදිරියට ගෙන යමින් ලෝක කුසලානය වෙනුවෙන් මෙලෙසම ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත් භානුක පැවසීය.

“මේ ජයග්‍රහණය මුළු ලංකාවට ම. අපි ගැන සමහර විට රටක් විදියට මිනිස්සු බලන විදිය වෙනස්. මම හිතනවා මේ වෙලාවේ අපි කරපු දෙයින් යම් හිනාවක් ගේන්න ලැබුණා නම් ඒක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *