ආසියානු ක්‍රිකට් කිරුළ ලංකාවට..!

September 12, 2022 at 12:31 am | by emanisa.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට අද (11) සමත් වුහ.

ඩුබායිහිදී අද රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 23 කින් පකිස්ථානය පරාජය කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔවර 20 කදී 6 ට 170ක් ලබා ගැනීමට සමත් විය. (ධනංජය ද සිල්වා 28, භානුක රාජපක්ෂ නොදැවී 71,වනිදු හසරංග 36, චාමික කරුණාරත්න නොදැවී 14, හාරිස් රවුෆ් 29/3)

පාකිස්තානුකණ්ඩායම ඔ්වර 20 කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 147ක් පමණි. (මොහොමඩ් රිස්වාන් 55, ඉෆ්තීකාර් අහමඩ් 32, ප්‍රමෝත් මධුෂාන් 34/4, වනිදු හසරංග 27/3)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *