ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කරමින් සිටින්නේ තමන්ට හිතවත් කල්ලියක් සමගින් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට කිසිදු බලයක් නැති තත්ත්වයක් උදා වී ඇති බවයි.
ඔහු මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ය.
වත්මන් ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ වචන හරඹයක් පමණක් බවත් අනුගමනය කරමින් සිටින්නේ පැවති යහපාලන රජයේ ආර්ථික ප්‍රතිපත්තියම බවත් ඔහු සඳහන් කළේ ය.
අද ආණ්ඩුව ද සිදු කරමින් සිටින්නේ ජාතික සම්පත් විකිණීම පමණක් යැයි ද ඔහු තවදුරටත් පැවසීය.