වත්මන් රජය සහ නීතිපති දෙපාර්තුමේන්තුව පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි සඳහන් කරයි.
පාස්කු ප්රහාරය පිළිබඳව ග්රන්ථයක් එළි දැක්වීමේ උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් කාදිනල් හිමි මෙසේ ද ප්රකාශ කළේ ය.
“දැන් අවුරුදු තුනක් ඉවර වෙන්නත් යන කාලේ වෙනකොට කොයිතාක් දුරට යුක්තියක් ඉෂ්ඨ වුණා කියලා අපිට කොහොමටවත් පිළිගන්න බෑ. ජනාධිපති කොමිෂන් සභාවේ දුන්නු සාක්ෂි මේ රජය සහ මේ නීතිපතිතුමා හංගලා. ඒ වෙළුම් කිහිපය ඉල්ලලා අපි ලිපි යවලා තියෙනවා. ඒ කිසිම ඉල්ලීමක් සලකන්නේ නැතිව සාක්ෂි සඟවලා තැබීමට ඉස්සෙල්ලා හිටිය රජයත් දැන් ඉන්න රජයත් කටයුතු කරලා තියෙනවා.
දැන් සිදුවෙන්නේ නීතිපතිතුමාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා ඒ යුක්තිය ඉෂ්ඨ නොවන තත්ත්වයකට පත්වීම. මේ රටේ අපිට දුන්නු පොරොන්දු එකක්වත් ඉෂ්ඨ කරලා නැහැ. මේ කාරණාව පැහැදිලිවම දැනගෙන ඒක වළක්වන්නට කටයුතු නොකළ රාජ්ය නායකයෝ සහ උසස් නිලධාරීන් ආරක්ෂා කරලා උසස්වීම් ලබා දීලා මේක විහිළුවක් කරලා.
කවද හරි දවසක අපිත් නැතුව මේ රජයේ ඉන්න නායකයෝ නැතුව ඉස්සරහට එන්න තියෙන රජයකින් හෝ මේ යුක්තිය අපිට ඉෂ්ඨ වෙනවා නම් ඒකෙ එදාට සිදු වෙනකන් අපි බලාගෙන ඉමු කියන හැඟීම තමයි අපිට තියෙන්නේ.”