එළඹුණු නව වසර ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නා ප්‍රීතිමත් වසරක් වේවායි ප්‍රාර්ථනා කරන බව ජාතික ජන බලවේග විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.
2024 වසර මැතිවරණ වසරක් වන අතර එය මේ රටේ ජනතාව ජාතික ජන බලවේගය විසින් විමුක්තිය කරා ගෙන යන වසරක් බවට පත්වන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
අවුරුදු 75ක් තිස්සේ ජනතාව විඳි දුක්ඛදෝමනස්සයන්ගෙන් ජනතාව මුදවා ගන්නා වසර 2024 බව ද හෙතෙම කීය.
මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවා රට නිෂ්පාදනය පදනම් කරගත් ආර්ථිකයක් කරා මෙහෙයවන බව ද විජිත හේරත් අවධාරණය කරයි.