මෙ. වො. 2800ක් අලුතින් පද්ධතියට…! අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා සූදානම්..!

November 10, 2022 at 6:07 am | by emanisa.lk

මෙගාවොට් 2800 ක් පමණ පවතින සම්ප්‍රේෂණ සහ ජනන යටිතල පහසුකම් යටතේ පුනර්ජනනීය බලශක්තිය ලෙස 2026 වසර වන විට ජාතික ජනන පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග මාසිකව පවත්වන ප්‍රගති සමාලෝචන හමුවේදී අමාත්‍වයාය එසේ පැවසීය.

වැඩ ආරම්භ කර ඇති විදුලි ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම, නව ව්‍යාපෘති වෙනුවෙන් යටිතල පහසුකම් දියුණු කිරීම සහ එළඹෙන දෙසැම්බර් මස වන විට සංචාරක කලාප සහ කර්මාන්ත කලාප ඉලක්ක කර අඛණ්ඩව විදුලිය සැපයීම් පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *