මේ ⁣රටේ කොවිඩ් නිසා මිය යන සෑම පුද්ගලයෙකුටම වගකිව යුත්තේ සජිත්…!

November 18, 2021 at 12:02 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සියලු දෙනා පාර්ලිමේන්තුව ඇතුළු කර ගන්නේ නම් ඔවුන්ට කොරෝනා පරීක්ෂාවක් සිදු කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

ඔවුන් මහජන විරෝධතාවයක් සංවිධානය කරමින් කොරෝනා මාර්ගෝපදේශ බිඳ දමමින් කටයුතු කළ බවද පැවසූ ඔහු විරෝධතාව ඇතුළත කාලයේදී ඔවුන් වෛරසය ආසාදනය කරගෙන ඇතැයිද සඳහන් කළේය.

එනිසා මන්ත්‍රීවරුන්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ඉල්ලීම කතානායකවරයා ගෙන් සිදුකරන බවද ඔහු පැවසීය.

මේ රටේ කොවිඩ් නිසා මිය යන  සෑම පුද්ගලයෙකුම වගකිව යුත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව ද ඔහු සදහන් කලේය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස