ඔළුව පරික්ෂා කර ගන්න ඕන ආණ්ඩුවට කඩේ යන අනුරගේ…! – සමගි ජන බලවේගය…

September 13, 2021 at 8:26 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ ආණ්ඩුව සිදුකරන මෝඩ වැඩ පිළිබඳ බව සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

සමගි ජන බලවේග මහ ලේකම්වරයා පවසන්නේ, කොවිඩ් තත්ත්වය පහව ගිය පසු පළාත් පාලන මැතිවරණය මෙන් ම පළාත් සභා මැතිවරණය ද පැවැත්විය යුතු බව තමන් විශ්වාස කරන බවයි.

එවැනි පසුබිමක අනුර දිසානායක විපක්ෂ නායකවරයාගේ ඔළුව පරික්ෂා කළ යුතු බවට සිදුකළ ප්‍රකාශය කන්නාඩියක් ඉදිරියට ගොස් තමන්ට කියාගත යුතු බව රංජිත් මද්දුමබණ්ඩාර යෝජනා කරයි.

අනුර දිසානායක සූදානම් වන්නේ ආණ්ඩුවට කඩේ යෑමට දැයි හෙතෙම වැඩි දුරටත් ප්‍රශ්න කරයි.

ඔහු මේ බව සඳහන් කළේ, මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *