මෙරට කාන්තාවන් හොඳට ම සැර වෙයි..! පුරුෂයින් 10%ක් ගෘහස්ථ හිංසනයට ලක්වෙනවා…! – පවුල් සෞඛ්‍ය කාර්යාංශය..

December 14, 2023 at 2:39 pm | by emanisa.lk

ගෘහස්ථ හිංසනය පිළිබඳ සිය කාර්යාංශයට පැමිණිලි කරන පිරිසෙන් 90%ක් කාන්තාවන් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ කාන්තා ඒකකයේ වැඩසටහන් කළමනාකරිනී ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නේත්‍රාංජලී මාපිටිගම පවසයි.

වෛද්‍යවරිය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ගෘහස්ථ හිංසනයට ලක් වන එකම පිරිස කාන්තාවන් යැයි එම දත්ත මගින් අනාවරණය නොවන බවයි.

තමන් වෙත 10%ක් පමණ පැමිණිලි ලැබෙන්නේ පිරිමි අයගෙන් බව ද වෛද්‍ය නේත්‍රාංජලී මාපිටිගම අනාවරණය කරයි.

මේ වන විට දිවයින පුරා සිය මධ්‍යස්ථාන 85ක් ඇති බවත් කායික හිංසන, ලිංගික හිංසන, ආර්ථික හිංසන පදනම් කරගත් මානසික හිංසන පිළිබඳ පැමිණිලි ලැබෙන බව ද ඇය වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *