මෙගාවොට් 65ක ලාභදායි සුළං බලාගාරය අක්‍රියයි! ඩීසල් බලාගාරවලින් විදුලිය මිලට ගන්න තරම් උනන්දුවක් සුළං බලාගාරය හදාගන්න නෑ!

August 30, 2020 at 4:22 pm | by emanisa.lk

නොරෙච්චෝලේ පිහිටුවා ඇති මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයෙන් නිපදවන මෙගාවොට් 65ක විදුලිය ජාතික පද්ධතියට සම්බන්ධ කරන ට්‍රාන්ස් ෆෝමරය අක්‍රිය වීමෙන් එය ජාතික පද්ධතියට අහිමි වී ඇති බව වාර්තා වේ.

දැනට වසරකට පෙර එම ට්‍රාන්ස් ෆෝමරය නිසි අයුරින් නඩත්තු නොකිරීම නිසා එය අක්‍රිය වී ඇති බව වාර්තා වේ.

ඊට පෙර එම සුළං විදුලි බලාගාරයේ පාලනය පුද්ගලික ආයතනයක් මගින් සිදු කර ඇති අතර පසුව එය ලංකා විදුලි බල මණ්ඩලයට පවරා තිබේ. එහෙත් එම පැවරීමේදී ද නිසි අයුරින් සිදු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් ගැටලු ඇති බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධනගෙන් පවසන්නේ දැනටමත් ඉන් මෙගාවොට් දහයක පමණ විදුලි බලයක් ජාතික පද්ධතියට එකතු කර ඇති අතර ඉතිරි මෙගාවොට් ප්‍රමාණයත් කඩිනමින් එක් කිරීමට කටයුතු කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස