මෘතදේහ භූමදානයට ජනපති පැටළු තවුහිද් ජමාද්ට වැඩ වරදී! වහාම විමර්ශනයට පොලිස්පතිගෙන් නියෝග!

November 12, 2020 at 10:34 am | by emanisa.lk

කොරෝනා ආසාදනය වී මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනුමැතිය දුන් බවට ප්‍රකාශයක් නිකුත් කළ සිලෝන් තවුහිද් ජමාද් සංවිධානය පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.

සිලෝන් තවුහිද් ජමාද් සංවිධානයේ මහා ලේකම් අබ්දුල් රාසික්ගේ අත්සන සහිතව එම නිවේදනය නිකුත් කර තිබූ අතර මුස්ලිම් මෘත දේහ භූමදානයට අවසර දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට මෙන් ම අගමැතිවරයට ද ප්‍රශංසා කර තිබිණි.

ඒ සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැති බවත් ඒ පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ විද්වත් කමිටුව මේ වන විටත් ඒ පිළිබඳ විමර්ශනය කරමින් තිබෙන බවත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස