කොවිඩ් දේහ සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා තමා කමිටුවක් පත්කර නොමැති බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් දේහ පිළිබඳ තීරණ ගැනීමට ඇත්තේ එක් විද්වත් කමිටුවක් පමණක් බවය.
අද (04) පැවැති වැඩසටහනක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනිය මේ බව පැවසුවා ය.
“කොවිඩ් දේහ සම්බන්ධයෙන් සොයා බැලීමට දෙවෙනි විද්වත් කමිටුවක් පත් කළේ නෑ. එක විද්වත් කමිටුවයි තියෙන්නෙ. මම තව විද්වත් කමිටුවක් පත්කළේ නෑ. මාධ්‍ය මගින් වාර්තා කරලා තිබුණා මම විද්වත් කමිටුවක් පත්කළා කියලා. මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා.
නමුත් වරින්වර විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින් මා සමග සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් රජය අද වෙනකම්ම ආදාහනය තමයි ගැසට් කරලා තියෙන නීතිය. ඒ ආදාහනය කරන එක තීන්දු කෙරුවේ කොරෝනා වෛරසය ගැන අපි කිසිම තොරතුරක් දන්නැති කාලේ විද්වත් කමිටුව එකතු වෙලා.
දැන් විවිධ විද්‍යාත්මක සාධක තියෙනවා. ඒ කරුණු තාමත් පරිශීලනය කරමින් යනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන්න ඕනේ විද්‍යාත්මක සාධක මතයි. රෝගීන්ගේ මළපහ හරහාත් ජල මූලාශවලට මේ වෛරස් එක එකතුවීමේ අවදානම තියෙනවා. හැබැයි අපි වතුර බිව්වා කියලා කොරෝනා හැදෙන්නේ නෑ. සරම්ප තුරන් කෙරුවා, පෝලියෝ තුරන් කෙරුවා වගේ කොරෝනා තුරන් කරන්න හම්බවෙන්නේ නෑ. අපි කොරෝනා එක්ක ජීවත්වෙන්න හුරු වෙන්න ඕනේ.”