මුස්ලිම් මෘත දේහ ආදාහනය කරන සියලු දෙනාට ම කවදා හෝ දවසක ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බව ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි සඳහන් කරයි.
ඒ වන්දිය අනිවාර්යෙන්ම ගන්නා බව ද ඔහු පැවසීය.
තම ආගම අනුව ආදාහනය කිරීම යනු පණ පිටින් සිටින පුද්ගලයකු අතපය කඩා ගින්දරට දැමීමක් බඳු වැඩක් බව ද ඔහු කියා සිටී.
මිනිසා සැදී ඇත්තතේ පසෙන් බවත් නැවත පසට ම පොහොර විය යුතු බවත් තම ආගමේ උගන්වා ඇතැයි ද ඔහු පැවසීය.
ආදාහනයට විරුද්ධ වන්නේ තම ආගමෙන් තහනම් කර ඇති නිසා බව ද ඔහු කියයි.
සාලි මෙම අදහස් පලකලේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ය.