මුස්ලිම්වරුන්ට භූමදාන අයිතිය ලබා දිය යුතුයි! – හිටපු ජනාධිපති මෛත්‍රී –

December 31, 2020 at 8:47 pm | by emanisa.lk

පසුගිය මහා සැතිවරණයේ දී ශ්‍රිලනිපයට අපේක්ෂා කළ  අපෙක්ෂකයින් ප්‍රමාණය නොලැබුණු බව හිටපු ජනාධිපති ශ්‍රිලනිප සභාපති මෛතීපාල සිරිසේන පවසයි.

තමන් අපේක්ෂක ධුර 30ක් ඉල්ලා සිටි බවත් එය ලැබුණි නම් ශ්‍රිලනිපයට මන්ත්‍රී ධුර 30ක් පමණ හිමි වන බවත් ඔහු පවසයි.

එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී සාධාරණ ලෙස කටයුතු කළහොත් එක්ව තරඟ කරන බව ද නො එසේ නම් තනිව තරඟ කිරීමට පක්ෂය තීරණය කරනු ඇති බවත් The Hindu පුවත්පත සමග පැවති සාකච්ඡාවක දී පවසා තිබේ.

මෙ රට කොවිඩ් දේහ සම්බන්ධයෙන් දරන ස්ථාවරය පිළිබඳ ව මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ මෙවැනි අදහසකි.

“අනිවාර්යෙන් ම කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය කළ යුතුයි යන ගැටලුව ගමු. එම රෝගයට ගොදුරුව මියයන තම ඥාතීන් ව භූමදාන කිරීමේ අයිතිය මුස්ලිම්වරුන්ට දිය යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා භූමදානය කළ හැකියි කියලා. හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක් හැටියට මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයට එකඟයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස