මුදල් අමාත්‍යංශය අධිකරණ තීන්දුව අනුව කටයුතු කරනවා..! – මුදල් රාජ්‍ය ඇමැති…

March 4, 2023 at 2:37 pm | by emanisa.lk

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

“ඇත්තට ම අධිකරණ තීන්දුවට අපි ඕන කෙනෙක් ගරු කරන්න ඕනේ. මුදල් අමාත්‍යාංශය වෙන්න පුළුවන්, රජය වෙන්න පුළුවන්, ආයතනයක් පෞද්ගලිකව වෙන්න පුළුවන්, අධිකරණ තීන්දුව පැහැදිලිකරගෙන කටයුතු කිරීම හැමදෙනාගෙම වගකීමක්.

මුදල් අමාත්‍යංශය අනුව එ් ගෞරවය අනුව කටයුතු කරනවා. එහි කිසිදු ගැටලුවක් දකින්නේ නෑ. අධිකරණ තීන්දුවක් අනුව කටයුතු කිරීම හැම කෙනෙක්ම බැඳිලා ඉන්න විශේෂ වගකීමක්. අධිකරණ තීන්දුව අනුව වියදම් පෙළගැස්සවීමක් කරන්න සිදුවේවී.”

2023 අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාට සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඊයේ (03) ලබා දුන් අතුරු තහනම් නියෝගය පිළිබඳ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *