මුජිබර් රහුමාන් කොළඹ පුරපති පුටුවට..!

January 15, 2023 at 8:42 am | by emanisa.lk

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේග කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉදිරිපත් වන බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශයට පත් කොට ඇත.

ඊයේ(14) පස්වරුවේ පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේ දී විපක්ෂ නායකවරයා මේ බව දැනුම් දී තිබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇති බව දැන ගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *