මුජිබර් රහුමාන්ට කොවිඩ් සුවයි….! වෙසක් පොහොට කලින් ගෙදර යයි…!

May 26, 2021 at 1:20 pm | by emanisa.lk

කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සුවය ලබා සිය නිවෙසට ඊයේ (25) දහවල් පැමිණියේය.

කොරෝනා ආසාදිතව ඔහු රෝහල් ගත කෙරුණේ පසුගිය 20 වැනි දා ය.

තමා නිවසට පැමිණියත් සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව සෞඛ්‍ය ආරක්ෂක පියවරක් ලෙස නිවෙසේ තවත් දින පහක් හුදෙකලාව සිටින බව මුජිබර් රහුමාන් පවසයි.

මන්ත්‍රීවරයාගේ බිරිඳ හා දරුවන්ට මෙතෙක් කිසිදු ගැටලුවක් නැතැයි ද වාර්තා වෙයි. කොවිඩ් ආසාදිත 11 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු වන අතර මේ දක්වා ඊට ගොදුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 12කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *