මුජිබර්ට මන්ත්‍රී වෙන්න කිසිම බාධාවක් නෑ…! – ජී.ඇල්. පීරිස්…

May 16, 2024 at 6:35 pm | by emanisa.lk

මුජිබර් රහුමාන්ට නැවත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙහි දිවුරුම් දීමේ කිසිදු නීතිමය බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.ඇල්. පීරිස් පවසයි.

පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වූ අයකු නැවත මන්ත්‍රී ධූරයක් සඳහා පත් කළ හැකි දැයි මාධ්‍ය විමසූ අවස්ථාවේ මහාචාර්ය පීරිස් මේ බව කීය.

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්ව පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුව ද එම මැතිවරණය නොපැවැත්වූ බවයි, ඔහු පෙන්වා දුන්නේ.

ඒ නිසා නැවත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීම සඳහා ව්‍යවස්ථාව අනුව කිසිදු නීතිමය බාධාවක් නොමැති බව ද මහාචාර්ය ජී.ඇල්. පීරිස් වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *