මීළඟ ඉල් මහ සමරුව පවත්වන්නේ මාලිමා ආණ්ඩුවක් යටතේ..! – අනුර..

November 17, 2023 at 5:20 pm | by emanisa.lk

මීළඟ ඉල් මහ සමරුව පවත්වන්නේ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ බව ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි.

ජාතික ජන බලවේගය ලෙස පොදු ජනයා සංවිධානය කිරීමට විශාල වැඩ කොටසක් කරගෙන යන බවත් එම ව්‍යාපාරයට ආධ්‍යාත්මය කැඳවීමේ බලය ජනතා විමුක්ති පෙරමුණ හැටියට බාර ගත යුතු බවත් හෙතෙම පැවසීය.

අන් කවරදාටත් වඩා ඉල්මහ වරුවන්ගේ සාරය හදවත්වලට ඇතුළු කර ගත යුතු බවත් අන් කවරදාටත් වඩා වැඩියෙන් ඔවුන්ගේ සාරය ආධ්‍යාත්මයට එකතු කරගත යුතු බව හෙතෙම එහිදී තවදුරටත් පැවසීය

මහරගම තරුණ සේවා සභාවේ පැවති ඉල් මහා සමරුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *